Wednesday, May 21, 2014

පොදු අපේක්‍ෂකයා සෝභිත හිමි.. වෙන කෙනෙක් නෑ..

මීළග ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස සියලූ දෙනාගේ කැමැත්ත තිබෙන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්ට බවත්, රටත්,ජාතියත් වැටී තිබෙන තත්ත්වය තුළ රට ගොඩ නැගීමට නම් මාදුළුවාවේ සෝභිත හිමියන් වැනි මධ්‍යස්ථව සිතන කෙනෙකු ඉදිරිපත් වියයුතු බවත් එක්සත් භික්ෂු පෙරමුණේ ප‍්‍රධාන අනුශාසක ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පුජ්‍ය ගිරාඹේ ආනන්ද හිමිපාණෝ පවසති.
කෙසේ වෙතත් එහිමියන් පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට අකමැති වුවහොත් රටේ සියලූම දෙනාම පිළිගන්නා නිර්පාක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සදහා සංඝරත්නය පෙළ ගැසෙන බවද උන්වහන්සේ සඳහන් කරති.
විධායක බලය උපරිම ලෙස භාවිත කරන වර්තමාන ආණ්ඩුව සමග තනි තනිවම මැතිවරණ වලට ඉදිරිපත් වී තරග කළ නොහැකි නිසා සියලූම දෙනාම එකතු පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කර විධායක බලතල අහෝසි කර දැමීමට කටයුතු කළයුතු බවද උන් වහන්සේ වැඩි දුරටත් අවධාරණය කරති.

No comments:

Post a Comment

BBCSinhala