Wednesday, May 21, 2014

සරසවි සිසුහු යාපනය හංදිය වටළති

මිහින්තලා රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 27 දෙනෙකුගේ පංති තහනම් කිරීමට පාලනාධිකාරිය කටයුතු කිරීම ඇතුළු ඉල්ලීම් 09ක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල රැසක් ඒකාබද්ධව බදාදා(21) සවස අනුරාධපුර යාපනය හංදිය ප්‍රදේශයෙන් දැවැන්ත විරෝධතා පා ගමනක් ආරම්භ කළහ. මිහින්තලා රජරටවිශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, සබරගමුව විශ්ව විද්‍යාලය, රුහුණු විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලය, වයඹ විශ්ව විද්‍යාලයේ හා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සියලු වසරවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1800කට ආසන්න පිරිසක් මෙම විරෝධතා පා ගමනට එක්ව සිටියහ. ඔවුන් අනුරාධපුර යාපනය හංදිය නගරයෙන් විරෝධතා පාගමන ආරම්භ කර විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් , සටන් පාඨ කියමින් අනුරාධපුර නව නගර බස්නැවතුම් පොළ ඉදිරිපිටට පැමිණියහ' ඉන් පසුව ඔවුන් ප්‍රධාන මාර්ගය අවහිර කර තව දුරටත් බස්නැවතුම් පොළ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ.(Lakbima)

No comments:

Post a Comment

BBCSinhala