Friday, May 23, 2014

දිවුරුම් දීම බලන්න එන්න, මෝඩිගෙන් ජනපති මහින්ද ට ආරාධනා. මාත් එක්ක දිල්ලි යන්න එන්න.. ජනපතිගෙන් උතුරේ මහ ඇමතිට ආරාධනා..

ඉන්දීය නව අගමැතිවරයා දිවුරුම් දීමේ උළෙලට ලැබූ ආරාධනය පිළිගනිමින්, එයට සහභාගි වන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා සනාථ කර ඇත. තමා සමග නවදිල්ලියට යන නියෝජිත කණ්ඩායමට එකතුවී එහි යාමට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා විසින් උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් මහතාට ද ඇරැයුම් කර ඇති අතර මේ දක්වා මහ ඇමතිවරයා එම ඇරියුම පිළිගෙන නැත. ශ්‍රී ලංකාවේ උතුරේ ද්‍රවිඪ වැසියන් නියෝජනය කරමින් එම ගමනට එක් වන ලෙස ජනපතිවරයා විග්නේෂ්වරන් මහතාට දැනුම් දී ඇතත්, එම ගමන ජනපතිවරයා සමග යනවාද යන්න තවම සනාථ වී නැත.
මේ අතර මෙම දිවුරුම් දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ආරාධනා කිරීම පිළිබදව දකුණු ඉන්දියාවේ එම්ඩීඑම්කේ නායක වයිකෝ විසින් විරෝධන පළ කර ඇති අතර, භාරතීය ජනතා පක්ෂයේ සභාපති රාජ්නාත් සිංග් මහතා හමුවී තම විරෝධය දක්වා ඇත. මේ අතර තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා මහත්මිය ද ජනාධිපත් මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය පැමිණීමට විරෝධය පළ කර ඇත.

ඉන්දීය නව අගමැතිවරයා ලෙස තමා දිවුරුම් දෙන අවස්ථාව ට සහභාගි වන ලෙස නරේන්ද්‍ර මෝඩි මහතා විසින් අසල්වාසී සියළු රටවල නායකයනට මෙන්ම ඉන්දියාවේ හිටපු අගමැතිවරුන්ට හා ජනපතිවරුනට ආරාධනා යවා ඇත.

No comments:

Post a Comment

BBCSinhala