Friday, May 23, 2014

බන්ධනාගාර නිලධාරියෙකු ලිංගික අල්ලස් ඉල්ලුවා.. නිලධාරිනියක් රු. 2000 ක් ගත්තා.. මිරිහානෙදි ලැප්ටොප් එකයි.. මොබයිල් ෆෝන් එකයි ගත්තා.. බ්‍රිතාන්‍ය ජාතික මිචෙල් රුපියල් කෝටියක් වන්දි ඉල්ලයි.

පසුගියදා ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පිටුවහල් කරනු ලැබූ බි‍්‍රතාන්‍ය ජාතික හෙද නිලධාරිනිය විසින් ආගමන විගමන පාලකවරයා, පොලිස්පතිවරයා, මීගමු බන්ධනාගාරයේ ප‍්‍රධාන ජේලර්වරයා ඇතුළු පිරිසක් විසින් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කලේ යයි පවසමින් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය නඩු පවරා තිබේ.
බුදු දහමට අපහාස සිදුවන්නේ යයි බුදුරුවක් පච්චා කොටාගෙන සිටි නිසා අත්අඩංගුවට ගත් තමාගෙන් බන්ධනාගාර නිලධාරියෙකු ලිංගික අල්ලස් ඉල්ලූ බවත්, බන්ධනාගාර නිලධාරිනියක අල්ලස් දෙන ලෙස තමා සතුව තිබූ මුදලින් රුපියල් 2000ක් ලබාගත් බවත් ඇය අධිකරණයට දන්වා තිබේ.

එසේම මිරිහාන රැදවුම් මධ්‍යස්ථානයේදී තමා සතු ලැප්ටොප් පරිගණකයත්, ජංගම දුරකථනය ආදී දේ පැහැරගත් බවත් ඇය සඳහන් කරයි. 37 හැවිරිදි නයෝමි මිචෙල් කොල්මන් මහත්මිය බි‍්‍රතාන්‍යයේ පුනරුත්ථාපන මානසික සෞඛ්‍ය පිළිබද හෙද නිලධාරිනියකි.

No comments:

Post a Comment

BBCSinhala