Tuesday, May 27, 2014

මහගෙදර තුල්සි ඉන්දියාවේ ඇමති මඞුල්ලට පත්වෙයි...

ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පත්කැරගත් කැබිනට් මණ්ඩලය කැබිනට් ඇමැතිවරු 23 දෙනෙක්  කැබිනට් නොවන ඇමැතිවරු 10 දෙනෙක්  උප ඇමැතිවරු 11 දෙනෙක්ගෙන් සමන්විත විය.

ඔහුගේ කැබිනට් මණ්ඩලයේ විශේෂත්වය වන්නේ මෙරට ටෙලි නාට්‍ය රසිකයින් අතර ඉතා ජනප්‍රියත්වයට පත් සිංහලෙන් හඬ කැවූ ඉන්දියානු ටෙලි නාට්‍ය මාලාවක් වූ මහගෙදර හි  තුල්සි ගේ චරිතයට පණ පෙවූ ස්ම්‍රිති ඉරානි ඉන්දියාවේ නව කැබිනට් මණ්ඩලයට පත්වීමය.තිස්අට වියැති ඇය එහි ලාබාලතම සාමාජිකාව වන අතර ඇය මානව සම්පත් සංවර්ධන ඇමති ධූරය දරයි.

No comments:

Post a Comment

BBCSinhala