අලුත්ගම ප්‍රදේශයේ ඇතිවී තිබෙන නොසන්සුන් තත්වයක්
හේතුවෙන් අද සවස සිට එම පොලිස් බල ප්‍රදේශය තුළ පොලිස් ඇදිරි නීතිය පණවා ඇත. මෙම ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක
වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම ඇදිරි නීති කාලය තුළ දී මහා මාර්ගයේ හෝ අතුරු
මාර්ගයන් හි ගැවසීම, ඒක රාශී වීම ආදිය සපුරා තහනම් වන අතර, එසේ ඇදිරි නීතිය
කඩන්නන් අත් අඩංගුවට ගැනීමට ත්, ඔවුනට එරෙහිව අපරාධ නඩු විභාග පනත යටතේ නඩු
පැවරීමට ත් සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා තව දුරටත් ප්‍රකාශ කළේය.
බොදු බල සේනා සංවිධානය විසින් අලූත්ගම ධර්ගා නගරයේදී පැවැත්වු රැස්වීමෙන් පසුව නොසන්සුන්කාරී තත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කර ඇත.
No comments:
Post a Comment