Saturday, May 24, 2014

සරසවි සිසුවිය ම්ලේච්ඡ ලෙස මරා දමලා: යුද හමුදා පෙම්වතා අත් අඩංගුවට

කොළඹ සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යාවක් ඇල්පිටියේදී කපා කොටා ඝාතනය කර ඇත. තල්ගස්වල නියාගම පදිංචිකාරියක වන ඇය 22 වන වියේ පසුවන නව යොවුන් තරුණියකි. කොළඹට පැමිණීම සඳහා අද අලූයම 3.30 ට පමණ ඇය නිවසින් පැමිණ ඇති අතර පසුව කැපුම් තුවාල ද සහිත ඇගේ සිරුර ඇල්පිටිය බස් නැවතුම්පොළට යාබදව අලූතින් ඉදිකෙරෙන ගොඩනැගිල්ලක පිටුපස තිබියදී හමුවිය. ඇය නවාතැනට ගෙන යාමට ගෙන ආ ඇඳුම් බෑගයද පසෙක විය.


මෙම ශිෂ්‍යාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට යුද හමුදා සෙබළෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. නිවාඩු ලබාගෙන සිය ගමට පැමිණ සිටි ඔහු අවිත්තාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙදෙනා අතර කලක් තිස්සේ ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති අතර අද අලූයම දෙදෙනා ඇල්පිටියේදී මුණගැසී ඇත්තේ මුලින් කතාබහ කරගෙන ඇති ආකාරයට බව පරීක‍ෂණ වලින් හෙළි වී ඇත. එහිදී ඇති වූ බහින් බස්වීමකින් පසු ශිෂ්‍යාව ඝාතනය කර ඇතැයි පොලිසිය විශ්වාස කරයි.(LEN)

No comments:

Post a Comment

BBCSinhala